Posts

Showing posts from 2018

කටුවැල්බටු

Image
කටුවැල්බටු උද්භිද විද්‍යාත්මක නාමය:- Solanum virginianum කුලය:- Solanaceae හැඳින්වීම ඖෂධ ද්‍රව්‍යයක් ලෙස දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන කටුවැල්බටු ශාකය අද ශ්‍රී ලංකාවේ බහුලව භාවිතා වන සහ විශාල වශයෙන් ආනයනය කරන ඖෂධයකි. රූපාකාරය සාමාන්‍යයෙන් බටු ගසකට සමාන පෙනුමෙන් යුත් බිම බදාගෙන පැතිරී වැඩෙන පඳුරකි. ඉතා ගැඹුරු අයුරින් කොටස්වලට බෙදුණු පත්‍රවල හා පැළෑටියේ සෑම කොටසකම පාහේ තියුණු කටු ඇත. පත්‍රවල මැද නාරටිය දිගේ හා නටුවල, දිග කටු පිහිටන අතර මේවා ඍජු සහ තද කහ පැහැයෙන් යුක්තය. කෝණාකාරව විහිදුණු දම් පැහැ පෙති ඇති මලෙහි, මැද එකට ගොනු වූ කහපාට රේණු කැපී පෙනෙයි. මල කිහිපයක් පොකුරක් ලෙස පවතියි. විෂ්කම්භය සෙ.මි. 2 පමණ වන ගෝලාකාර කොළ පැහැ ගෙඩි ඉදුණු විට කහ පැහැයට හැරෙයි. එහි බීජ රාශියකි. මල් හට ගැනීම වසර පුරාම සිදුවේ. වැවෙන ප්‍රදේශ ශ්‍රී ලංකාවේ පහතරට වියළි කලාපයේ ඉතා හොඳින් වැඩෙයි. විශේෂයෙන් වියළි, නිසරු මුඩු බිම්වල සරුවට වැඩෙයි. ඖෂධ සඳහා ගැනෙන කොටස් සම්පූර්ණ පැළෑටියම ඖෂධ සඳහා ගනියි. ඖෂධීය ගුණ  කැස්ස, හතිය, ඉක්කාව, පීනස, සෙම්ප්‍රතිශ්‍යාව හා උණට ගුණදායකයි. ප

ඉරමුසු

Image
ඉරමුසු උද්භිද විද්‍යාත්මක නාමය:- Hemidesmus indicus කුලය:- Apocynaceae හැඳින්වීම හීං ඉරමුසු සහ මහ ඉරමුසු ලෙස වර්ග දෙකකි. හීං ඉරමුසු ලංකාවේ බහුලව දක්නට ඇති වර්ගයකි. මහ ඉරමුසු දැනට ඉන්දියාවෙන් ආනයනය කරන වර්ගයයි. වසර මුළුල්ලේම දැකිය හැකි පැතිරී වැඩෙන හෝ ඉහළ නගින ආකාරයේ පැළෑටියකි. කිරි සහිතය. මල් සුවඳවත් ය. ඔසු පැන් ලෙස පිළියෙල කළ විට රසවත් මෙන්ම ගුණදායක පානයකි. රූපාකාරය   වැලක් ලෙස හෝ එතෙමින් වැඩෙන පැළෑටියකි. කඳ සිහින්‍ ය. කාෂ්ඨමය මුල් සහිතයි. කේශර සහිතය. රේඛීය වූ හෝ දික් වූ රවුම් හැඩයෙන් යුත් පත්‍ර, මතුපිට සුදු ඉරක් සහිතව තද කොළ පැහැයෙන් යුක්තයි. පත්‍ර සවිවන ස්ථානවලින් හටගන්නා මල් පොකුරකි. මල් පෙතිවල පිට පැත්ත කොළ පැහැ වන අතර ඇතුළු පැත්ත දම් පැහැයක් ගනියි. රැලි ගැසී ඇත. සිලින්ඩරාකාර, ඍජු ඵලය කොටස් දෙකකට බෙදී ඇත. කළු පැහැ බීජ පැතලිය. බීජවල අග සුදු පැහැති කේශර සහිතයි. වැවෙන ප්‍රදේශ   ශ්‍රී ලංකාවේ තරමක් උස් සහ පහත්, තෙත් සහ වියළි ප්‍රදේශවල ඉරමුසු වැවේ. ඉන්දියාවේ වැවෙන වර්ගයට වඩා ශ්‍රී ලංකාවේ වැවෙන වර්ගයේ මුල් සුමටයි.  ඖෂධ සඳහා ගැනෙන කොටස් සම්පූර්ණ

අසමෝදගම්

Image
අසමෝදගම් උද්භිද විද්‍යාත්මක නාමය:- Trachyspermum roxburghianum කුලය:- Apiaceae හැඳින්වීම ශාකයටම ආවේණික සුවඳක් ඇත. එළුවන් ප්‍රිය කරන පැළෑටියකි. ඈත අතීතයේ පටන්ම ගෘහ ඖෂධයක් වශයෙන් භාවිතා වී ඇත. මෙම ශාක කුලයටම අයත් වල් අසමෝදගම් පැළෑටිය ( Pimpinella heyneana)  වියළි කලාපයේ බහුලවත් වෙනත් ස්ථානවලදීත් දැකිය හැකිය. වල් අසමෝදගම් පැළෑටිය ගුණයෙන් ද හැඩයෙන් ද අසමෝදගම් පැළෑටිය හා සමාන නොවේ. රූපාකාරය උසින් සෙ.මි. 5-125 පමණ වන පැළෑටියකි. බෙහෙවින් අතු බෙදී ඇත. ගැඹුරු ලෙස කොටස්වලට බෙදී ඇති පත්‍ර කදෙහි පිහිටයි. පත්‍ර කොටස්වල අග ඉතා තියුණු ය. පත්‍රවලට ආවේණික සුවඳක් තිබේ. පත්‍ර නැටි මත දැඩි රෝම ඇත. මල් සුදු පැහැතිය.කුඩයක හැඩයෙන් යුක්තය.පොකුරක් ලෙස හටගනියි. ඉතා කුඩා ගෙඩි දුඹුරු පැහැතිය.එහි රෝම ඇත.මෙම ගෙඩි පැළෙන හෝ නොපැළෙන හෝ ආකාර ගනී. වැවෙන ප්‍රදේශ ශ්‍රී ලංකාවේ වගා කර ඇති මෙම ශාකය ක්‍රමයෙන් විනාශ වෙමින් පවතියි. තෙත් කලාපයේ ශීත දේශගුණය ඇති උස් බිම්වල හොඳින් වැඩෙයි. ඖෂධ සඳහා ගැනෙන කොටස් ඇට සහ තෙල් ඖෂධීය ගුණ සෙම සහ වාතය සමනය කරයි. වේදනාව නසයි.