අසමෝදගම්

අසමෝදගම්

උද්භිද විද්‍යාත්මක නාමය:-
Trachyspermum roxburghianum
කුලය:-
Apiaceae







හැඳින්වීම
ශාකයටම ආවේණික සුවඳක් ඇත. එළුවන් ප්‍රිය කරන පැළෑටියකි. ඈත අතීතයේ පටන්ම ගෘහ ඖෂධයක් වශයෙන් භාවිතා වී ඇත. මෙම ශාක කුලයටම අයත් වල් අසමෝදගම් පැළෑටිය (Pimpinella heyneana) වියළි කලාපයේ බහුලවත් වෙනත් ස්ථානවලදීත් දැකිය හැකිය. වල් අසමෝදගම් පැළෑටිය ගුණයෙන් ද හැඩයෙන් ද අසමෝදගම් පැළෑටිය හා සමාන නොවේ.

රූපාකාරය
  • උසින් සෙ.මි. 5-125 පමණ වන පැළෑටියකි.
  • බෙහෙවින් අතු බෙදී ඇත.
  • ගැඹුරු ලෙස කොටස්වලට බෙදී ඇති පත්‍ර කදෙහි පිහිටයි.
  • පත්‍ර කොටස්වල අග ඉතා තියුණු ය.
  • පත්‍රවලට ආවේණික සුවඳක් තිබේ.
  • පත්‍ර නැටි මත දැඩි රෝම ඇත.
  • මල් සුදු පැහැතිය.කුඩයක හැඩයෙන් යුක්තය.පොකුරක් ලෙස හටගනියි.
  • ඉතා කුඩා ගෙඩි දුඹුරු පැහැතිය.එහි රෝම ඇත.මෙම ගෙඩි පැළෙන හෝ නොපැළෙන හෝ ආකාර ගනී.

වැවෙන ප්‍රදේශ
ශ්‍රී ලංකාවේ වගා කර ඇති මෙම ශාකය ක්‍රමයෙන් විනාශ වෙමින් පවතියි. තෙත් කලාපයේ ශීත දේශගුණය ඇති උස් බිම්වල හොඳින් වැඩෙයි.

ඖෂධ සඳහා ගැනෙන කොටස්
ඇට සහ තෙල්

ඖෂධීය ගුණ
  • සෙම සහ වාතය සමනය කරයි.
  • වේදනාව නසයි.
  • ස්නායු ශක්තිමත් කරයි.
  • හෘදය උත්තේජනය කරයි.
  • කැස්සට ගුණදායකයි.
  • මුත්‍රා වැඩි කරයි.
  • බඩගින්න වඩයි.
  • අජීර්ණයට - අසමෝදගම් හා ඉඟුරු තම්බා බොන්නට දීම.
  • ඉදිමුමට - හීන් අසමෝදගම් ඇට අඹරා සෑදූ ආලේපය ගෑම.
  • වේදනාවට - ඇටවලින් තෙල් සිඳ ගෑම.
  • ඇදුමට - ඇට චූර්ණ කොට එහි දුම උරන්නට දීම.


වෙනත් වැදගත්කම්
අසමෝදගම් කොළ සම්බෝලයක් ලෙස පිළියෙල කළ හැකිය. එය රසවත්‍ ය. ගුණදායක ය. 

වගා කිරීම
  • මේරූ අසමෝදගම් බීජ සහිත කොටස් නෙළාගෙන, පැදුරක ළා හිරු එළියෙන් වියළා ගත් බීජ කෙළින්ම සකස් කරගත් ක්ෂේත්‍රයේ යෙදීම (විසුරුවා හැරීම) කළ හැකිය.
  • නැතහොත් බීජ වැලි තවානක යොදා පැළ ලබාගත හැකිය. අධික ජලය යෙදීමෙන් හෝ වැසි සහිත කාළගුණයේදී අසමෝදගම් පැළ දිලීර ආසාදනයට ගොදුරුවන බැවින් ජල පාලනයකින් වගාව කළ යුතුයි. එසේම  සුදුසු ඍතුන් බලා වගා කිරීම කළ යුතුයි.


සැලකිය යුතුය
අසමෝදගම් ඉතා අධිකව ගැනීමෙන්,
  • වෙහෙස
  • ඉදිමුම 
  • හිසරදය 
    මේරූ අසමෝදගම් බීජ
  • වමනය 
  • අතීසාරය 
  • හුස්ම ගැනීමේ අපහසුතාව
  • මුත්‍රා දැවිල්ල
  • මුත්‍රා තද පාට වීම
  • කම්පනය 
  • සිහි මද ගතිය
  • මරණය 
තොරතුරු_පොතපත සහ අන්තර්ජාලය ඇසුරිනි.
සේයාරූ_අන්තර්ජාලය ඇසුරිනි.

Comments

Post a Comment

Popular posts from this blog

ඉරමුසු

කටුවැල්බටු