ඉරමුසු
ඉරමුසු
Hemidesmus indicus
කුලය:-
Apocynaceae
හැඳින්වීම
හීං ඉරමුසු සහ මහ ඉරමුසු ලෙස වර්ග දෙකකි. හීං ඉරමුසු ලංකාවේ බහුලව දක්නට ඇති වර්ගයකි. මහ ඉරමුසු දැනට ඉන්දියාවෙන් ආනයනය කරන වර්ගයයි. වසර මුළුල්ලේම දැකිය හැකි පැතිරී වැඩෙන හෝ ඉහළ නගින ආකාරයේ පැළෑටියකි. කිරි සහිතය. මල් සුවඳවත් ය. ඔසු පැන් ලෙස පිළියෙල කළ විට රසවත් මෙන්ම ගුණදායක පානයකි.
රූපාකාරය
- වැලක් ලෙස හෝ එතෙමින් වැඩෙන පැළෑටියකි. කඳ සිහින් ය. කාෂ්ඨමය මුල් සහිතයි. කේශර සහිතය. රේඛීය වූ හෝ දික් වූ රවුම් හැඩයෙන් යුත් පත්ර, මතුපිට සුදු ඉරක් සහිතව තද කොළ පැහැයෙන් යුක්තයි.
- පත්ර සවිවන ස්ථානවලින් හටගන්නා මල් පොකුරකි. මල් පෙතිවල පිට පැත්ත කොළ පැහැ වන අතර ඇතුළු පැත්ත දම් පැහැයක් ගනියි. රැලි ගැසී ඇත. සිලින්ඩරාකාර, ඍජු ඵලය කොටස් දෙකකට බෙදී ඇත. කළු පැහැ බීජ පැතලිය. බීජවල අග සුදු පැහැති කේශර සහිතයි.
වැවෙන ප්රදේශ
ශ්රී ලංකාවේ තරමක් උස් සහ පහත්, තෙත් සහ වියළි ප්රදේශවල ඉරමුසු වැවේ. ඉන්දියාවේ වැවෙන වර්ගයට වඩා ශ්රී ලංකාවේ වැවෙන වර්ගයේ මුල් සුමටයි.
ඖෂධ සඳහා ගැනෙන කොටස්
- සම්පූර්ණ පැළෑටිය
- මුල් විශේෂය.
- විශේෂ ක්රියාකාරී කොටස පොතුය.
ඖෂධීය ගුණ
- ත්රිදෝෂ ශාමකයි. මධුර රස හා ස්නිග්ධ ගුණ නිසා වාතයද ශීත වීර්ය නිසා පිතද තිත්ත රසය නිසා සෙමද සන්සිඳුවයි. ලේ පිරිසිඳු කිරීමේ ගුණය ඇති බැවින් කිරිදෙන මවුවරුන්ට හා දියවැඩියා රෝගීන්ට හිතකරය. ඉදිමුම හා දාහය නැති කරයි.බඩගින්න වඩයි. ආහර දිරවයි. හොඳින් මළ පිට කරයි.
- කුෂ්ඨ අවස්ථාවට - ඉරමුසු මුල් තම්බාගත් වතුර බීමට දීම.
- මුත්රා දැවිල්ල,වේදනා සහිතව මුත්රා පිටවීමට - වියළි ඉරමුසු මුල් තම්බා බීමට දීම.
- ආහාර ආසාත්මිකතාව නිසා ඇතිවන කැසීම,පලු දැමීම හා ඇස් රතු වීමට - ඉරමුසු මුල් තම්බා බීමට දීම,ඉරමුසු මුල් කුඩුකර තේ මෙන් වත්කර පානයට දීම.
- දැවිල්ල සහිත තුවාල සේදීමට - ඉරමුසු මුල් තම්බාගත් වතුර යොදා ගැනීම.
- ශරීරයේ දැවිල්ල සහ ඉදිමුමට - ඉරමුසු මුල් ඇල් දියෙන් අඹරා සාදා ගත් ලේපය එම ස්ථානයේ ආලේප කිරීම.
- මී විෂ ට - ඉරමුසු මුල් කසාය, ගිතෙල් සමඟ පානය කිරීම.
වෙනත් වැදගත්කම්
- හිසකෙස් වර්ධනය වේගවත් කිරීමේ ගුණයක් ඇත.
ඉරමුසු පොතු |
තොරතුරු_පොතපත සහ අන්තර්ජාලය ඇසුරිනි.
සේයාරූ _අන්තර්ජාලය ඇසුරිනි.
Comments
Post a Comment