කටුවැල්බටු
කටුවැල්බටු උද්භිද විද්‍යාත්මක නාමය:- Solanum virginianum කුලය:- Solanaceae හැඳින්වීම ඖෂධ ද්‍රව්‍යයක් ලෙස දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන කටුවැල්බටු ශාකය අද ශ්‍රී ලංකාවේ බහුලව භාවිතා වන සහ විශාල වශයෙන් ආනයනය කරන ඖෂධයකි. රූපාකාරය සාමාන්‍යයෙන් බටු ගසකට සමාන පෙනුමෙන් යුත් බිම බදාගෙන පැතිරී වැඩෙන පඳුරකි. ඉතා ගැඹුරු අයුරින් කොටස්වලට බෙදුණු පත්‍රවල හා පැළෑටියේ සෑම කොටසකම පාහේ තියුණු කටු ඇත. පත්‍රවල මැද නාරටිය දිගේ හා නටුවල, දිග කටු පිහිටන අතර මේවා ඍජු සහ තද කහ පැහැයෙන් යුක්තය. කෝණාකාරව විහිදුණු දම් පැහැ පෙති ඇති මලෙහි, මැද එකට ගොනු වූ කහපාට රේණු කැපී පෙනෙයි. මල කිහිපයක් පොකුරක් ලෙස පවතියි. විෂ්කම්භය සෙ.මි. 2 පමණ වන ගෝලාකාර කොළ පැහැ ගෙඩි ඉදුණු විට කහ පැහැයට හැරෙයි. එහි බීජ රාශියකි. මල් හට ගැනීම වසර පුරාම සිදුවේ. වැවෙන ප්‍රදේශ ශ්‍රී ලංකාවේ පහතරට වියළි කලාපයේ ඉතා හොඳින් වැඩෙයි. විශේෂයෙන් වියළි, නිසරු මුඩු බිම්වල සරුවට වැඩෙයි. ඖෂධ සඳහා ගැනෙන කොටස් සම්පූර්ණ පැළෑටියම ඖෂධ සඳහා ගනියි. ඖෂධීය ගුණ කැස්ස, හතිය, ඉක්කාව, පීනස, සෙම්ප්‍රතිශ්‍යාව හා උණට ගුණදායකයි. ප